වාහන මිල වැඩිවීමටත් කලින් වාසි ලබන කාර් සේල් – updated

ඊයේ දිනයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ආනයනික වාහන මිල ඉහල දැමීම පිළිබද අප විසින් කරනු ලබූ සොයා බැලීමකදී පෙනීගිය කරුණ නම්, පාරිබෝගිකයන් වාහන මිලදී ගැනීම සදහා මහත්වූ උනන්දුවක් දක්වන බවකි. තවද ඇතම් රථවාහන ආනයනික  රියසැල් වසා දමා ඇති බව වාර්තාවේ. මෙලෙස තාවකාලිකව වසා  දමා ඇති රියසල් හිමිකරුවන්ගේ එකායන අභිප්‍රාය වනුයේ පාරිබෝගිකයන් අනවශ ලෙසබියට පත්කර ඉතා වැඩි මුදලකට තමන් සතු වාහන විකුණා දැමීමය.

අප විසින් කරණු ලබූ විමසීමකදී කලින් ආනයනය කළ රථවාහන වැඩි මුදලකට විකිණිමට කටයුතු කරණ බව පෙනීයයි.

Nissan Leaf (x) – ලක්ෂ 29 පමණ වටිනාකමකින් යුතු රථය ලක්ෂ34 පමණ විකිනීමට කටයුතු කරනුලබයි. තවද ලක්ෂ 55ක් පමණ වටිනාකමකින් යුතු Toyota Prius මොටෝරියක විකුණුම් මිල ලක්ෂ 59ක් ලෙස අද දිනය වන විට වෙනස් කොට ඇත.

පාරිභෝගික බවතුන් නොමග යවමින් සිදුකරන වංචනික ක්‍රියා පිළිබද අපට වාර්තා වේ. එනම් කලින් දෙනලද අතිකාරම් මුදල් නැවත ලබාදීමද, වහනය දෝෂ සහිත බව පවසා සිටීමද ප්‍රමුක ස්ථානයක් ගනී.

නමුත් මෙම වාහනවල මිල වැඩිවීම අදාළ වන්නේ ඔක්තෝම්බර් 01 වනදා සිට ණයවර ලිපි (Letters of credit) විවෘත කර මෙරටට ගෙන්වනු ලබන  වාහන සඳහා බව පමණක් බව අප කල විමසීමකදී ආනයනය කරුවකු සදහන් කරන ලදී.

 

4445 Total Views 3 Views Today

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>